තිරප්පනය සත්ත්ව ගොවිපලේ බිත්තර රක්කවනාගාරය විවෘත කිරීම.

තිරප්පනේ සත්ත්ව අභිජනන මධ්‍යස්ථානයට ලෝක ආහාර වැඩසටහනින් රුපියල් කෝටි පහක වියදමින් පහසුකම් රැසක්.

===========================================

ලෝක ආහාර සංවිධානයේ සහයෙන් අනුරාධපුර , තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සත්ත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානය සඳහා රුපියල් කෝටි පහකට අධික වියදමකින් යුත් පහසුක්ම රැසක් සලසා තිබේ. එහිදී කුකුළු නිවාස තුනක් , උපකරණ හා සත්ත්ව ආහාර ගබඩා කිරීමේ ස්ථානයක් , බිත්තර රක්කවනාගාරයක් අලුතින් ඉදිකර ඇති අතර , මව් කුකුළු පැටවුන් , අවශ්‍ය උපකරණ ආදිය සපයා ඇත. මෙම සියලු පහසුකම් උතුරු මැද පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට පවරා දීමේ උත්සවය පසුගියදා පැවැත්වුනේ , අදාල රාජ්‍ය නිලධාරින්ගේ හා ලෝක ආහාර වැඩපිළිවෙලෙහි ශ්‍රීලංකා නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන්.

එදින අලුතින් ඉදිකළ බිත්තර රක්කවනාගාරය වීවෘත කළ අතර ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් විසින් ගොවිපල නිරික්ෂණය කරන ලදි. එහි පැවැති උත්සව සභාවේ දී ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අබ්දූල් රහීම් සිද්ධික් මහතා සඳහන් කළේ, ගොවිපලෙහි ඉදිරි කටයුතු සාර්ථකව පවත්වා ගැනීම සඳහා සහන සැලසීමට හැකිවීම පිළිබඳව අතිශය සතුටට පත්වන බව යි.

විවෘත කිරීමේ අවස්ථාවට උතුරු මැද පලාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ , පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගාමිණි සේනාරත්න , උතුරු මැද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞක්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජී.සී. මුතුවත්ත , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , ලෝක අහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නිත්‍ය නිත්‍ය නියෝජිත අබ්දූල් රහීම් සිද්ධික් ඇතුළු එහි නිලධාරින් , ලෝක ආහාර වැඩසටහනේ උතුරු මැද පලාත් නියෝජිත අසංක මනෝජ්, ගොවිපලෙහි නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙලෙස ලෝක අහාර වැඩසටහන මගින් මෙම ගොවිපල දියුණු කිරීමේ මුලික අරමුණ වන්නේ , පලාත තුල ඉහළ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරිමට සහය වීම යි. උසස් තත්ත්වයේ කිකිළි පැටවුන් බෝ කිරීම මගින් පාසල් දරුවන් වෙත පෝෂ්‍යදායී ආහාර වේලක් සැපයීමට බිත්තර ලබාදීම මෙහි දී සිදුකර විශේෂ වැඩසටහනක්. ඒ අනුව උතුරු මැද පලාත තුල ප්‍රතිලාභීන් 788 දෙනෙකු සඳහා කුකුළු පාලන ඒකක ලබාදීම ලෝක ආහර වැසටහනින් සිදුකර ඇති අතර දැනට පැටවුන් 48390 දෙනෙකු ප්‍රතිලාභීන් අතර බෙදා දී තිබේ. එමෙන්ම එම ඒකක සඳහා මාස හයක් වන තෙක් පැටවුන් සඳහා ආහාර මෙන්ම පශු වෛද්‍ය පහසුකම් ද සැපයේ.

 

 

Scroll to Top