සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යනු ශ්‍රී ලංකාවේ පශු සම්පත් ව්‍යාපාරය හා එහි කොටස්කරුවන් වෙත තාක්ෂණික වශයෙන් නායකත්වය ලබා දීමට වගකිමෙන් බැදී සිටින රාජ්‍ය ආයතනයකි.
1977 බලයට පැමිණි රජය විසින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයේදී පශු සම්පත් අංශයේ වැදගත්කම වටහාගෙන 1978 ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇත.
දේශීයත්වයට මුල් තැන දෙමින් අතීතයේ සිට පාරම්පරිකව පැවත ආ ලාංකීය අනන්‍යතාවය සනිටුවහන් කරනා දැයේ පශු සම්පත් ව්‍යවසායකයින් නංවාලීමට එතෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිට වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 1978 වර්ෂයේ ඇරඹි පළාත් සභා ක්‍රමයත් සමග කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ දෙපාර්තමේන්තුවක් ලෙස නව මුහුණුවරකින් ආරම්භ වී ඇත. 1988 පළාත් සභා පිහිටු වීමෙන් අනතුරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සේවා හා සම්භන්ධ ක්‍රියාකාරකම් පළාත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට පවරා ඇත. මේ යටතේ ලංකාව පුරා පශු වෛද්‍ය කාර්යාල 332 ක් ස්ථාපනය කර ඇත. මෙම ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාල සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ක්‍රියාකාරී ඒකකය වේ.
අතීතයේ හෙළ රජ දරුවන් අහසින් වැටෙන දිය බිදුවද මහ මුහුදට නොයවා එමගින් ද තම කෘෂිකාර්මික හා සත්ත්ව පාලනය සමග බැදුනු ජීවන රටාව ඔප් නංවා ගත් පෞඩ අතීතයකට හිමිකම් කියන රජරට උතුරු මැද පළාත, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක දෙකකින් සමින්විත වන අතර, ආරම්භයේදී උතුරු මැද පළාතම ආවරණය වන පරිදි පශු වෛද්‍ය නිලධාරීන් 11 ක් සහ සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් 30 ක් ඇතුළුව සමස්ථ නිලධාරීන් 75 කින් සමන්විත වූ කාර්ය මණ්ඩලයක් සහිතව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කොට්ඨාස 22 කින් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කොට්ඨාස 07 කින් සමන්විත වේ.
වර්ෂ 1998 දී ස්වකීය පුහුණු මධ්‍යස්ථානයක් හා උපයෝගී පර්යේෂණ ආයතනයක් ලෙස උතුරු මැද පළාත තුල තිරප්පනය සත්ත්ව ගොවිපලක් ද මේ යටතේ ආරම්භ කර ඇත.
පශු සම්පත් සංවර්ධනය කරමින් රටේ ආර්ථිකයට රජරට දායකත්වය සැපයීමෙහි ලා යන ගමනේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 1990 වර්ෂයේදී කෘතීම සිංචන 400 ක් පමණ සිදු කර ඇති අතර, වර්තමානය වන විට කෘතීම සිංචන 25000 ක් ඉක්මවා සිදු කරනු ලැබේ. එමෙන්ම වර්තමානය වන විට දේශීය කිරි නිෂ්පාදනයට උතුරු මැද පළාත ලෙස මෙම ආයතනය විසින් වසරකට කිරි ලීටර් මිලියන 68 ක් පමණ එකතු කරනු ලබයි.
මේ ආදී වූ දැවැන්ත සංවර්ධන කාර්යයන් ඉටු කරමින් පැන නැගින සියළු බාධාවන් හමුවේ රටේ සංවර්ධන කාර්යයට උතුරු මැද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දක්වනය දායකත්වය ඉමහත්ය.
අපගේ කාර්යයන්
- සත්ත්ව ප්‍රතිකාර සේවාවන් ලබාදීම (ගොවිපල සහ සුරතල් සතුන්)
- කෘතීම සිංචන සේවාව ලබාදීම
- ගොවිපල ලියාපදිංචි කිරීම
- කණ් සළකුණු කිරීම
- සතුන් රක්ෂණය කිරීම
- කර ඇඹීම් කටයුතු කිරීම
- සතුන් එන්නත් කිරීම
- රසායනාගාර පරීක්ෂණ කටයුතු
- පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු
- ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්
- එළදෙනුන්ගේ ගැබ් පරීක්ෂා කිරීමේ කටයුතු
- කෘතීම සිංචන ලියාපදිංචි කිරීමේ කටයුතු
- සතුන් ප්‍රවාහන බලපත්‍ර ලබාදීම
- ගොවිපල සංවර්ධන උපදෙස්/තාක්ෂණ දැනුම ලබාදීම
- ගොවි පුහුණු වැඩසටහන් සිදුකිරීම
- ව්‍යාපෘති වාර්තා සකස් කරදීම
- අලෙවි කටයුතු වලට සහායවීම
- සත්ත්ව පාලන සමිති ක්‍රියාත්මක කිරීම
- සත්ත්ව නිෂ්පාදන දිරිගැන්වීම
- වෙළඳපල හා අලෙවි ප්‍රචාරණය
- සත්ත්ව පාලන ප්‍රකාශන අලෙවිය
- පශු සම්පත් ව්‍යාපෘති සමබන්ධව බැංකු ණය සඳහා නිර්දේශ ලබාදීම
- වැඩසටහන්
- සතුන්ගේ වටිනාකම් තක්සේරු කිරීම
- වෙනත් ආයතන මගින් සිදුකරන පශු සම්පත් කටයුතු සඳහා සහායවීම
- ප්‍රධාන කාර්යාලයට සහ අනෙකුත් කාර්යාල වෙත තොරතුරු ලබාදීම
